May 05, 2024

ක්‍රිබ් එකේ නම තිබුණට ණය ගන්න අවස්තාවක්! මහ බැංකුවේ අලුත්ම තීරණය

ජනතාව වෙත මූල්‍යමය ණය පහසුකම් සැපයීමේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)අසාදු ලේඛණ ගතව සිටීම ණය ලබා නොදීමට හේතුවක් කර නොගන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

පවත්නා කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවන් මූල්‍ය අපහසුතාවන්ට පත් වූ ජනතාව අතින් ලබා ගත් ණය පියවීමට යම් යම් අතපසු වීම් සිදු වීමට ඇති ඉඩ කඩ සලකා බලා මහා බැංකුව මේ තීන්දුවට පැමිණ ඇතැයි වාර්තා වනවා.

මීට පෙර රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන වෙතද ශ්‍රී ලංකා මහා බැංකුව මෙම ඉල්ලීම කර තිබුණා.

Rate this item
(9 votes)