May 18, 2024

දෙසැම්බරය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි! ඉදිරි සති දෙකෙන් පසු වෙන දේත් කියයි

ඉදිරි සති දෙකෙන් පසු යළි කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තාවීම ඉහළ යනු ඇති බවයි.

ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම කොවිඩ් අවදානම තවමත් පවතින බැවින් දරුවන් රැගෙන විනෝද සවාරිවල මේ මොහොතේ දී නොයන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාද ඉල්ලීමක් කළා.

මේ අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීමේදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගත් බව තහවුරු කෙරෙන එන්නත්කරණ කාඩ්පත රැගෙන එන ලෙස ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල ජනතාවට දැනුම් දී සිටිනවා.

කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 7,487 ක් සුවය ලබා ඊයේ (28) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොවිඩ් රෝගීන් 7000 කට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහිදී වඩාත් කැපී පෙණෙන අතර මීට පෙර පසුගිය සැප්තැම්බර් 9 වැනිදා කොවිඩ් ආසාදිතයන් 18,147 ක් එකවර රෝහල්වලින් පිටව යෑම දිනකදී ඉහළතම සුවය ලැබූ සංඛ්‍යාව බවට පත්විය.

සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව  511,863 ක් බවට පත්විය.

Rate this item
(1 Vote)