May 18, 2024

කොරෝනා සුව වී ගෙදර ගිය නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා හිටි හැටියේ මිය යයි

වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට කොරෝණා අසාදනය වී සුවවීමෙන් අනතුරුව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය 26 වැනිදා මිය ගොස් ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කොට තේරිපත්ව උපසභාපති වූ 52 හැවිරිදි වෙල්ලසාමී මහේන්ද්‍රන් මහතාට පසුගිය සැප්තැම්බර් මස 24 වනදා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබා සුව වීමෙන් අනතුරුව නිවසට ගොස් තිබෙනවා.

පසුව උප සභාපතිවරයාට ඇතිවූ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් 26 දින වව්නියාව මහ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී  මිය ගොස් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියා.

උපසභාපතිවරයාට කොරෝනා වැළඳීමට පෙර වෙනත් රෝගී තත්වයන්ද තිබූ හෙයින් කොරෝණා වෛරසය වැළඳීමෙන් අනතුරුව එම රෝගි තත්වයන් උත්සනන්න වීමෙන් මිය යන්නට ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් සැකපල කරනවා.

උපසභාපතිවරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙතට භාරදීමට කටයුතු කර තිබුණු අතර ඔහු පදිංචි ගනේෂපුරම් ප්‍රදේශයේදී අවසන් ක‍ටයුතු පැවැත්වීමට පියවර ගෙන තිබුණා.

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 13:12