May 18, 2024

එන්නත් කාර්ඩ්පත අනිවාර්යය වෙයි? සෞඛ්‍ය අංශයෙන් අදහසක්

මෙරට ජනතාව විසින් කොරෝනා මර්දන වැඩසටහන යටතේ එන්නත ලබා ගත් පසුව ලබාදෙන කාර්ඩ්පත ඉදිරියේ දී අනිවාර්ය අංගයක් බවට පත් කිරිම පිලිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

තවමත් එන්නත් කාර්ඩ්පත සමාජයේ තෝරාගත් ස්ථානයන් සඳහා අනිවාර්යය කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ එවැනි අනිවාර්යය කිරිමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

තවමත් ඒ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින ඒ මහතා පවසා සිටි අතර එහි ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කර සිටියා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ "මෙම ලබාදී ඇති එන්නත් කාඩ් පත ප්‍රායෝගිකව එවැනි කාර්යක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ද? එවැනි දෙයක් කිරීමට අපිට නීතිමය වශයෙන් කොයි ආකාරයේ හැකියාවක් ද තියෙන්නේ. සමහර වෙලාවට පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා වෙනවා. මේවා ආමන්ත්‍රණය කරමින් තමා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. " ලෙසිනි.

අවශ්‍ය කරන වාතවරණයක් ඉදිරියේදී ගොඩ නැඟුනහොත් ඉදිරියේදී මෙය ක්‍රියාත්මක විය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා සිටියා.

නමුත් නුදුරු අනාගතයේ එවන් දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 11:09