May 01, 2024

පොළොන්නරුවේ අධ්‍යාපනය ගැන රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්

යහපාලන ආණ්ඩුව පාසල් දරුවන්ට ටැබ් දෙන්න කතා කළ කාලේ වැසිකිලි නැති පාසල්වල වැසිකිළි ටික හදා දුන්නා නම් කොච්චර හොඳ දැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

දිඹුලාගල වැලිකන්ද රුහුණුකෙත කනිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු සොයා බැලීම සඳහා පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා සමග එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුවා.

ග්‍රාමීය පාසල්වල වැසිකිළි පහසුකම්, බීමට ජලය පහසුකම් අඩු බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසා සිටියේ ඒ මූලික ප්‍රශ්න නොවිසඳා දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීම ප්‍රායෝගික නැති බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 9ට අමතරව පළාත් සභා පාසල් 244 ක් ඇති බවත් දරුවන් 90,000 වඩා අධ්‍යාපනය ලබන අතර ගුරුවරු 5000කට වඩා එහි සේවය කරන බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

කිසිම දිනක පාසල් නොගිය 15000කට ආසන්න පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  ජීවත්වන බවත් තාමත් පාසල් යා යුතු වයසේ සිටින එහෙත් පාසල් නොගිය දරුවන් 500කට වැඩි පිරිසක් නිවෙස්වලට වී සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මෙම ගැටළුවලට අදාල වගකිවයුතු රජයේ නිලධාරීන් මැදිහත් වී කටයුතු කරනු ඇතැයි ද  එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 October 2021 23:52

Related items