May 07, 2024

"ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක්" - රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ හෙළිදරව්වක්

ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් දියත් වන බවට අනාවරණයක් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කර තිබෙනවා.

දේශපාලනික වශයෙන් ආණ්ඩුව තුළ යම් යම් කණ්ඩායම් කුමන්ත්‍රණ කරන බව පැහැදිලිවම පේන්න තිබෙන බවත් ඔහු අවධාරණය කරනවා.

හේතු හා විසඳුම්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුව තුළ සිදු වන එම කුමන්ත්‍රණය අනාවරණය කරන්නේ ඊට හේතු සහ විසඳුමද පෙන්වා දෙමින්.

කැබිනට් මණ්ඩලය තුළම සිටින ඇතැම් අය කාරණා කැබිනට් මණ්ඩලය තුළ කතා කළේ නැති බවට ඉන් එළියට පැමිණ ප්‍රකාශ කිරීම කුමන්ත්‍රනයේ එක් පියවරක් ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි රටේ සංවර්ධනය සඳහා ගෙන එන යෝජනාවකට ආණ්ඩුවේම කෙනෙක් තුනෙන් දෙකේ වරමට පිටු පා විරුද්ධ වෙනවා නම් එයද දේශපාලනික වශයෙන් කුමන්ත්‍රණයක් බවට රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ගත යුතු පියවර දෙක

මෙම කුමන්ත්‍රණ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බව සඳහන් කරන ඔහු ඒ සඳහා විසඳුම් දෙකක්ද යෝජනා කරනවා.

ඉන් එකක් වන්නේ කුමන්ත්‍රණකරුවන් කුමන්ත්‍රණ නතර කර ආණ්ඩුවත් සමග ඉදිරියට යෑම බවයි ඔහු සඳහන් කරන්නේ.

අනිත් විසඳුම වන්නේ කුමන්ත්‍රණකරුවන් ඉවත් කර ආණ්ඩුවේ ඉදිරි ගමන යෑම බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

කුමන්ත්‍රණකරුවන්ගේ නම් ගම්

එහෙත් ඒ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න නම් ගම් සහිතව රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කරන්නේ නැහැ.

රාජ්‍ය අමාත්‍යවරයා එල්ල කරන චෝදනාවට අදාල වන ආකාරයට කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කරන්නේ විමල් වීරවංශ උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් බව ප්‍රකට කරුණක්.

ඔහු සඳහන් කරන අනිකුත් චෝදනාව වන රටේ සංවර්ධන කටයුතු වලට බාධා කරන්නේ පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මන්තීරු ඉදිකිරීමට විරෝධය දක්වන මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපති වරයා විය යුතුයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 October 2021 15:27

Related items