May 07, 2024

පිටිපස්සෙන් පිහියෙන් අනින පොළොන්නරුවේ අයියා ගැන රාජ්‍ය ඇමති හෙළිකරයි

"මම ඉන්න දිස්ත්‍රික්කයේ ඉන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ. දේශපාලනිකව පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින්නේ. වැඩ කරනවට කැමතිම නෑ. කකුලෙන් අදිනවා. හරිම කුහක ඉරිසියාකාර පිරිසක් මේ අයියලා ටික." යැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ බුලත්කොහුපිටිය නගරයේදී රුපියල් මිලියන 48.7 ක වියදමින් ඉදිවන මහල් හතරකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (15) දිනයේ එක්වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ "රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ. රාජපක්ෂලාට රස්සා දෙන්න ඕන විදිය කියල දෙන්න ඕන්නෑ රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕනනෑ. වැටිච්ච රට ගොඩනගන්න ඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ .ඒගොල්ලො එක හොඳට දන්නවා පළාත් සභා හා පළාත් පාලන කටයුතු කරන්න" ලෙසිනි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 16 October 2021 10:05

Related items