May 18, 2024

මහජන ආරක්ෂක ඇමැති මෙරට රියදුරන්ට අවවාදයක් දෙයි!

මත්කුඩු අයිස් ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් පරීක්ෂා කිරිමට අවශ්‍ය උපකරණ මේ වනවිට මෙරටට ගෙන්වා ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඊට අදාළ නීති සම්පාදනය කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදු කරමින් පවතින බවද ඒ මහතා කියා සිටියා.

කෙළවලින් පරීක්ෂා කළ හැකි මෙම උපකරණ තුළින් දින තුනකට පෙර මත්කුඩු භාවිතා කර තිබේද යන්නත් පරීක්ෂා කළ හැකි බව කියා සිටි අමාත්‍යවරයා මේ වනවිට මත්පැන් පානය කිරිමට අදාළ පරීක්ෂණ සිදු කරන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් පවසා සිටියා.

පසුගිය ජනවාරි මස පළමුවැනිදා සිට මේ දක්වා 1400කට වඩා මියගොස් ඇති බවත් මීට හේතුව මත්කුඩු, ගංජා, අයිස්, මත්පැන් පානය කර රිය ධාවනය කිරිම බවත් පැවැසූ සරත් වීරසේකර මහතා ඉදිරියේදී මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් කියා සිටියා.

පසුගියදා කහඉර උඩ කුඩා දරුවෙක් මව ඇතුළු සිව් දෙනෙක් තරුණයෙක් අධික වේගයෙන් රිය ධාවනය කරමින් යටකරගෙන ගිය බව කියා සිටි ඒ මහතා ඒ තකරුණයාගේ ජීවත්යත් මින් වෙනස් වන බවත් කියා සිටි අතර ඒ අවුරුදු 18 වැඩි කරුණයන්ට පුහුණුවක් ලබා දිය යුතු බවට තමා යෝජනා කරනු ලැබුවේ මේ නිසා බවද වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය සරත් වීරසේකර මහතකා මේ බව කියා සිටියේ අද (14) මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

Rate this item
(3 votes)

Related items