April 27, 2024

තවත් භයානක කොවිඩ් රැල්ලක්? වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි Featured

රට තුළ නැවතත් භයානක කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇතැයි වාර්තා වනවා.

ඒ විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක් නොකිරීම හේතුවෙන්. 

සෞඛ්‍ය අමාතංශයේ නවතම මාර්ගෝපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන සහ PCR පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර කටුනායක ගුවන් තොටුපළින් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඇතැම් සංචාරකයින් PCR පරීක්ෂණ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රට තුළට ඒමේ අවදානමක් මෙමගින් ඇති විය හැකි බැවින් එමගින් නැවතත් කොවිඩ් රැල්ලක් හටගත හැකි බවද වෛද්‍ය විශේෂඥයින් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී තිබෙනවා.

එවැනි අවස්ථාවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතු බවද ඔවුහු පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 October 2021 11:27