May 18, 2024

CID නිලධාරීන් පිරිසකට එරෙහිව ඇමති වීරසේකරගෙන් පරික්ෂණයක්

September 29, 2021

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්.

සුදූලූණු මිල පිළිබඳව පසුගියදා මෙරට ප්‍රධාන ජාතික පුවත්පතක් විසින් පළ කර තිබූ පුවතක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් අදාළ පුවත්පතේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් ප්‍රශ්න කිරීමක් කර තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 September 2021 14:26

Related items