May 09, 2024

චීන කාබනික පොහොර ජරාවක්! කෘෂි ඇමතිට තරු පෙනෙයි - තීන්දුවත් හකුලා ගනී

September 29, 2021

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය කිරීමේ තීරණය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූවේ මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බවයි. 

චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

"අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි චීන සමාගමේ පොහොර නැවැත්වීමට තීරණය කළේ. පසුගිය රජය සමයේ රටට අපේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙනවා. එම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් බැක්ටීරියාවන් තිබෙන බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබීයදී එම රසායනාගාර වාර්තා වෙනස් කර අහිතකර පොහොර ගෙනවිත් ගොවින්ට බෙදා දී තිබෙනවා. එසේ වුවත් අප ජනතාවට වගකියන රජයක් විදියට කිසිදු අහිතකර පොහොර වර්ගයක් මෙරටට ගෙන්වන්නේ  නැති බව අප ජනතාවට සහතික වෙනවා. ” යැයි ඇමැතිවරයා කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පෙන්වා දුන්නේ තම දෙපාර්තමේන්තු යටතේ ඇති ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ නිර්දේශ නොකරන කිසිදු පොහොර වර්ගයක් හෝ ද්‍රව්‍යක් රට තුළට ගෙන එමට ඉඩ නොදෙන බවයි.

"විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අපට පූර්ණ බලතල ලබාදී තිබෙනවා ශාඛ නිරෝධායන නීතිරීති අකුරට පිළිපදින්න. ඒ ගැන අප සතුටු වෙනවා. අපේ වගකීම ගොවියාත් ඔහු ගොවිතැන් කරන භූමියන්  ආරක්ෂා කර ගැනීමයි. ඊට හානිවන කිසිවක් රට තුළ ගෙන ඒමට පවතින නීතිරීති වලට අනුව ඉඩක් ලැබෙන්නේ නෑ" යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියා. 



Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 13:49