May 10, 2024

කාබනික පොහොර ප්‍රතිඵල එයි! අස්වැන්න ගැන ගොවීන් හඩ නගයි

February 09, 2022

ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ ඉල්ලිමක් පරිදි කොම්පෝස්ට් පොහොර භාවිතා කරමින් වගා කල අර්තාපල් වල අස්වැන්න අඩු වී ඇති බවට ගොවින් චෝදනා කරනවා. 

ඒ නිසා තමන්ට වගාවෙන් විශාල පාඩුවක් සිදු වි ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් තමන්ට බීජ අර්තාපල් හොන්ඩර් 4 ක් නොමිලේ ලබා දුන් බව ඔවුන් පවසනවා.

අර්තාපල් වගා කිරීම සදහා ණය ආධාර සහ අල පොහොර ලබාදෙන බවට පොරොන්දු වුවද එලෙස ණය ආධාර සහ පොරොන්දු වු පරිදි එම වගාවට අල පොහොර ලබා දීමක්ම සිදු නොකළ බවට ගොවින් චෝදනා කරනවා.

ඒ නිසා වගාවෙන් තමන්ට ආර්ථික වශයෙන් පාඩු රැසක් සිදු වු බව එම ගොවින් කියා සිටිනවා.

මාස 3 ½ වැනි කාලයක් වගාව සදහා විශාල මුදලක් සහ ශ්‍රමයක් වැය කල බවද ඔවුන් පෙන්වා දෙනවා.

එම වගාවේ අස්වැන්න නෙලීමේදි අර්තාපල් වල වැඩීමක් නොතිබුණු නිසා නියමිත අස්වැන්න ලබා ගැනිමට නොහැකි වු බවයි වගාකරුවන් කියා සිටියේ.

ලබා ගත් අස්වැන්නෙන් අර්තාපල් කිලෝ 370 පමණක් රු.230ක මිලට නුවරඑලිය ප්‍රදේශයේ අර්තාපල් මිලදී ගන්නා වෙලෙන්දෙකුට අලෙවිකල බවද එම වෙළෙඳුන් පවසනවා.

අස්වැන්නේ ඉතිරි වු අර්තාපල් කිලෝ 100 වැඩි ප්‍රමාණයක් අලෙවි කරගත නොහැකි වීම හමුවේ තමන්ට මෙම පාඩුව සිදු වි ඇති බවයි ගොවින් කියා සිටින්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 February 2022 14:24