May 13, 2024

දරුවන්ට කොවිඩ් එන්නත දීම ලබන සිකුරාදා සිට! ස්ථානය මෙන්න

September 21, 2021

වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ පළමු පියවර ලබන සිකුරාදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම් කටයුතු සිදුකරන බවය.

Rate this item
(0 votes)