May 13, 2024

විදුලි බිල්පත් නොගෙවූ අයට සුබ සහ අසුබ ආරංචියක්

September 21, 2021

විදුලි පාරිභෝගිකයන් විසින් දිගින් දිගටම විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මීට පෙර සඳහන් කර සිටියා.

මේ වන විට විදුලි බිල් පමණක් රුපියල් බිලියන 44ක් අය වීමට ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව මෙරට විදුලි බිල්පත් නොගෙවූ පිරිස හට සහනයක් ලබාදෙන්නට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙම සහනය අනුව විදුලි බිල්පත් ආපසු ගෙවීම සඳහා වාරික ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

එහිදී තමන්ගේ විදුලි බිල්පත මාස 24ක් තුළ වාරික ලෙස ගෙවීමට සහනයක් ලබාදීමට අමාත්‍යංශය සැලැසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් මෙම වාරික ක්‍රමයට බිල්පත් ගෙවීමේදී පොලී මුදලක්ද අය කරන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 15:09