May 18, 2024

ලොහාන්ට එරෙහිව පැමිණිල්ලක්! ඇමති වීරසේකරගෙන් නියෝගයක්

September 17, 2021

ඊයේ (16) දිනයේ දී මෙරට බන්ධනාගාර දෙකක් තුළ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ප්‍රකාශයක් කර තිබුණා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළහොත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි.

ඒ අනුව ඊයේ (16) දිනයේ දීම සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංගමය විසින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, බන්ධනගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව ලැබුණු පැමිල්ලට අනුව වහාම විමර්ශන ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ (16) සවසම අමාත්‍යවරයා මේ පිළිබඳව නියෝගය ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 September 2021 11:17

Related items