May 18, 2024

ලොහාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න වීරසේකර සුදානම්

September 16, 2021

ඉරිදා (12) වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවන් මත ඊයේ (15) දිනයේ  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

අමාත්‍යවරයා බීමතින් ගිනි අවියක් සමඟ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එල්.ටී.ටී.ඊ සිරකරුවන් දෙදෙනෙකුගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.

අදාළ සිදුවීමට සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළහොත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන්නේ බන්ධනාගාර සංකීර්ණ තුළ ආයුධ භාවිතා කිරීමට එරෙහිව පියවර ගැනීමට සිය අමාත්‍යාංශයට හැකි බවයි.

මහජන ආරක්‍ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ “මම හිතන්නේ ඔහු පාවිච්චි කළ තුවක්කුව බලපත්‍රලාභී ගිනි අවියක්. කෙසේ වෙතත්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් යමෙකු පැමිණිලි කළහොත් නීතියට අනුව ඊට එරෙහිව පියවර ගැනීමට අපට හැකි" යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 September 2021 07:49

Related items