May 06, 2024

රටම අනතුරක! ආචාර්ය චන්දිම ජීවන්දරගේ ඇඟ කිළිපොලා යන අනාවරණය

September 10, 2021

මෙරට කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව නවතම අධ්‍යයනයක තොරතුරු මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.

මෙම නව අධ්‍යයන වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 95.8ක්ම ඩෙල්ඩා ප්‍රබේධය ආසාදනය වූවන් බවයි.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතාද අදාළ වාර්තාව පිළිබඳව පවසමින් සඳහන් කර සිටියේ දැනට ලැබී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල මත පදනම්ව කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු වී තිබෙන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් අදාළ පර්යේෂණය සහ අධ්‍යයනය සිදුකර තිබෙනවා.

මෙම අධ්‍යයන වාර්තාව හරහා ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 84%ත් 100%ත් අතර පැවැති බවට අනාවරණය වී ඇති බවයි.

මේ අතර කොළඹ, ගම්පහ, සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ලබාගන්නා ලද සාම්පල 130කින් 130ම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම දිස්ත්‍රික්කවලට අමතරව අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, වව්නියාව, ත්‍රිකුණාමලය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලද මෙවැනි ආකාරයේ සාම්පල් ලබාගෙන පරික්ෂාවට ලක්කර ඇති අතර එම සාම්පල්වලද ඩෙල්ටා ආසාදනය ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන ඇල්ෆා වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 06ක සම්පල 25කින් පමණයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 10 September 2021 13:09