May 17, 2024

ඇමති නාමල්ගෙන් යාපනයේ දී සැර කතාවක්

September 10, 2021

රටේ පවතින වත්මන් වාතාවරනය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා වැඩි මිලකට පාරිභෝගික ජනතාවට අලෙවිකරන සියලු දෙනාට තරාතිරම නොබල නීතිය ක්‍රියාත්මක කරන බවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පවසා තිබුණේ ඊයේ (09) ‍දිනයේ දී යාපනය දිස්ත්‍රික්කයේ ආර්තික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ එම දිස්ත්‍රික්කය තුළ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති 17 ක පමණ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට සහභාගී වන අතරතුර මාධ්‍යට අදහස් දක්වමින්.

එහිදී යාපනය නගරශාලාවේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු ආදී සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කරමින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසටද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, සුරේන් රාඝවන්, යාපනය මහ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියා.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“අද කෘෂිකර්මාන්තය ශක්තිමත් වෙලා තියෙනවා, දේශීය නිශ්පාදන ශක්තිමත් වෙලා තියනවා, දේශීය ව්‍යාපාරිකයෝ අද ශක්තිමත් වෙලා තියනවා මේ තුලින් අපි විශ්වාශ කරනවා අපේ රටේ ආර්ථිකය ඉදිරිකාලය තුල ශක්තිමත් කරන්න පුලුවන් වෙයි කියලා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂයෙන් බන්ධුල ගුණවර්ධන ඇමති තුමන්ට උපදෙස් දීලත් තියෙන්නේ. යම් කිසිකෙනෙක් භාණ්ඩ සඟවගෙන ඉන්නවනම් ඔවුන්ට දැඩි නීතියක් ක්‍රියාත්මක කොට පාරිභෝගිකයගේ අයිතියත් තහවුරුකරන්න කියලා ඒ වගේම යම් කිසිකෙනෙක් හිතාමතා අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා මිල ගණන් වැඩිකොට අලෙවිකරනවනම් ඔවුන්ට තරාතිරම නොබලා දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා” යනුවෙනි.

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Friday, 10 September 2021 11:46