May 04, 2024

චීන එන්නතේ තොරතුරු ගැන මහාචාර්ය නීලිකාගෙන් චෝදනාවක්

September 06, 2021

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබාගත් පිරිස් හට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම පිළිබඳව පසුගිය සමය තුළ කතාබහක් ඇති වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් අදහස් පළ කර තිබෙනවා.

එහිදී මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ සයිනෝෆාම් එන්නත ලබාගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරමින් සිටින බවයි. 

නමුත් ඇය පෙන්වා දෙන්නේ එම විශ්වාසයන් අසත්‍යය බවයි. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි එන්නතක් බව පෙන්වා දෙන මහාචාර්යවරිය වැඩිදුරටත් පවසා සිටියේ එම එන්නත විශ්වාසදායක බවයි.

සමහර රටවලට ඇතුළු වීමේදී ලබාගත යුතු එන්නත් වර්ග පිළිබඳව පළවෙන තොරතුරු විකෘති කිරීමකට ලක්කර ඇති බවටද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය චෝදනා කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 September 2021 23:22