May 13, 2024

මඩේ ලගින ඌරා මතක් කරමින් චන්නගෙන් වෛද්‍ය ජයරුවන්ට සැර ලිපියක්

September 01, 2021

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, විලවුන් උපකරණ හා ඖෂධ ව්‍යාවස්ථාපන අධිකාරියේ සභාපතිවරයා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයා විසින් එක්ව ලියන ලද ලියුමක් හරහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ චෝදනාවලට පිළිතුරු ලබාදී තිබෙනවා.

මෙරට නිෂ්පාදනය කරනු ලබන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳව අභියෝගයක් කරමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශයට මෙලෙස අමාත්‍යවරයා ඇතුළු සභාපතිවරුන් පිළිතුරු ලබාදී තිබෙනවා.

ලිපිය හරහා එම පිරිස පෙන්වා දෙන්නේ “කෝටි ගණන් සල්ලි දීලා පිටරටින් ගෙනාපු බෙහෙත් ලංකාවේ හදන කොට, කෝටි ගණන් අහිමි වන අය, සල්ලි ටිකක් විසි කරලා බළල්ලු ලව්වා කොස්ඇට බානවා” ලෙසිනි.

මෙන්ම බෙහෙත් හිඟයක් කෘතිමව මවා ඇති බවත් රුපියල් 100ට අලෙවි වූ බෙහෙත රුපියල් 5000ට විකුණපු පිරිස් අද එම කටයුත්ත කරගැනීමට නොහැකිව වියරුවෙන් කටයුතු කරන බවද ලිපිය හරහා අමාත්‍යවරයා ඇතුළු සභාපතිවරුන් විසින් පවසා තිබෙනවා.

අමාත්‍යවරයා ඇතුළු සභාපතිවරුන් විසින් ලියූ ලිපිය පහතින්,

Rate this item
(5 votes)
Last modified on Thursday, 02 September 2021 22:04