April 25, 2024

ඇමති චන්නගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක්

November 05, 2021

කොරෝනා ආසාදනයෙන් රෝහල් ගත වීම සහ මරණයට පත්වීමේ අවදානම අවම කරන බවට තහවුරු වී ඇති "මොනුපිරවියා" නමැති ඖෂධය ශ්‍රී ලංකාව විසින් ලබා ගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා තිබෙනවා.

ඔහු වෙත ලිපියක් යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මුඛයෙන් ලබාදෙන මෙම වෛරස් නාශක ඖෂධය මගින් කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරිම සහ මරණයට පත්වීම දළ වශයෙන් සියයට 50 කින් වළක්වන්නේ යැයි මර්ක් ඖෂධ සමාගම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ නිසා අදාළ ඖෂධය රටවල් රැසක් විසින් නිර්දේශ කරමින් ඇනවුම් කර ඇති බවත්, අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

"මොනුපිරවියා" ඖෂධය ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය කළමනාකරණය කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව කොරෝනා විද්වත් කමිටු මතය තමන් වෙත දන්වා එවන ලෙසයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ.

එමෙන්ම, මෙම නව ඖෂධය ලබා ගැනීමේ අවශ්‍යතාවක් පවතී නම්, ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 November 2021 15:23