May 13, 2024

ගුරු උද්ඝෝෂණ පිටුපස ආණ්ඩුවේ අය! පොහොට්ටු ප්‍රබලයා සියල්ල හෙළි කරයි Featured

මෙරට පළමු කොවිඩ් වසංගතය ආරම්භ වූ පසුව එය ඉතාමත් හොඳින් පාලනය කරන්නට සමත් වූ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසා සිටිනවා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ “ඒ වෙලාවේ විපක්ෂ නායකයා කිව්වේ මේ එන්නත ගන්න රට පුරා හිඟා කාකා යනවායි කියලා” ලෙසිනි. අමාත්‍යවරයා පවසා සිටියේ අවසානයේ විපක්ෂ නායකවරයාටත් එන්නත විඳ ගැනීමට සිදුවුණු බවයි.

විපක්ෂය විසින් ජනතාව එන්නත නොගන්නා ලෙසට උනන්දු කළ බවට ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා විිසින් චෝදනාවක් එල්ල කර සිටියා. “අද මැරෙන අයගෙන් 80% - 90%ක් එන්නත නොගත්ත අය” යනුවෙන්ද අමාත්‍යවරයා පවසා සිටියා.

රජය විසින් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා එන්නත ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවද පැවසූ අමාත්‍යවරයා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්ද කර සිටියා.

“අපිට ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා වෘත්තීය සමිතිකාරයෝ මේ විපක්ෂයේ වැඩ කරන අයද ජාත්‍යන්තරයේ බළල් අතක්ද හැටියට කටයුතු කරනවද කියලා.. මං දැක්කා ඊයේ පෙරේදා පත්තරයෙත් තියෙනවා විශාල වශයෙන් විදෙස් මුදල් හම්බ වෙලා තියෙනවා කියලා මේ කටයුත්ත කරන්න.. ඉතින් ඒකට අපෙත් සමහර අයත් ලොකු රුකුලක් දෙනවා අපි බොහොම කණගාටු වෙනවා ඒ ගැන .. අපෙත් සහෝදර දේශපාලන පක්ෂ කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිතුමා එක්ක එකඟ වෙලා, එළියට ගිහිල්ලා කොළ අත්සන් කරනවා රට වහන්න කියලා.. හැබැයි එගොල්ලෝ සියලු දෙනාටම කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිතුමාට කියන්න තිබුණා.. ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයේ දී කියන්නේ නැහැ.. එළියට ගිහිල්ලා මේක අත්සන් කරලා දුන්නාම රට තුළ අර්බුදයක් පේනවා, පක්ෂ තුළ අර්බුදයක් ඇතිවෙනවා. අපි ඒගොල්ලෝ කරපු ඒ වැඩේ ගැන කණගාටු වෙනවා..” ලෙසින් ද අමාත්‍යවරයා පවසා සිටියා.

මෙම සියලු දෙනාටම කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිතුමා හමුවී හෝ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෝ පෞද්ගලිකය හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව තිබූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එලෙස නොකර මාධ්‍ය ඉදිරියේ මෙවැනි දේවල් කිරීම තුළින් එම පිරිස් ජාත්‍යන්තර බළල් අතකට හසුව ඇති බවට පෙනෙනා බවයි.

Rate this item
(1 Vote)