May 12, 2024

“වෛරසය විකෘති වෙලා! තවත් හංගන්න දෙයක් නැහැ” ඇමති චන්න සියල්ල හෙළි කරයි

මෙරට වාර්තා වන ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය විකෘති වෙමින් පවතින බවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටිනවා.

අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ මේ සඳහා වාහම සුදානම් විය යුතුව ඇති බවයි.

අනුරාධපුරයේ පැවැති වැඩසටහනකට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ. ඉදිරි සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි ඉදිරියේ දී එන්නේ. ඒ නිසා අත්‍යවශ්‍යම කටයුතුවලට හැර තමන්ගේ නිවෙස්වලින් එළියට යන්න එපා. එහෙම ගිහින් නිරාවරණය වුණාම වයිරසය හැදෙන්න පුළුවන් කියන එක හිතේ තබාගෙනම එළියට යන්න ඕනේ. ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට අපේ රටෙත් සීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා.” ලෙසිනි.

දෛනිකව විශාල ජීවිත ප්‍රමාණයක් මේ නිසා අහිමි වෙමින් පවතින බවට ප්‍රකාශ කරන අමාත්‍යවරයා කියා සිටියේ මෙම වෛරසය ඉතාමත් දරුණු එකක් බවයි. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ එය ලෙහෙසියෙන් ඇඟේ ඇලෙන්න පෙනහලු‍වලට හානි කරන්න පුළුවන් බවත් එය සිරුරට හානි කරන්න තියෙන ප්‍රවණතාවය වැඩියි බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 07:14