May 03, 2024

එන්නත් භාර ඇමති නාමල්ද? රාජ්‍ය ඇමතිගේ ලිපියෙන් එළි වූ රහස

කොවිඩ් මර්දන එන්නත ජනතාවට ලබාදීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි.

එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මැදිහත්වීම කරන්නේ ජනපති ලේකම් කාර්යාලයයි.

නාමල්ගෙන් එන්නත් ඉල්ලීම

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතා සිය දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් ලබා දෙන ඉල්ලීමක් කර තිබෙන්නේ මේ අංශ දෙකට සම්බන්ධයක් නැති ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන්.

ඒ නාමල් රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියක් මගින්.

අවශ්‍ය ප්‍රමාණය ලක්ෂයක්

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රියංකර ජයරත්න මහතා එම ලිපියෙන් සිය දිස්ත්‍රික්කය සඳහා එන්නත් ලක්ෂයක් ලබාදීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සානුකම්පිත අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.

මෙම ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙන්නේ ඊයේ (12) දාතමින් ලියු ලිපියකින්.

ප්‍රියංකර ජයරත්න මහතා තමන් දරන කම්කරු රාජ්‍ය අමාත්‍ය ධුරය ගැන මෙන්ම ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳවත් කලකිරීමෙන් සිටින්නෙක්.

ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

Rate this item
(2 votes)
Last modified on Friday, 13 August 2021 17:41