May 03, 2024

අරයා කරයි මෙයා කරයි කියල විශ්වාසය තියන්න එපා: ආරක්ෂාව තමන්ම සපයා ගන්න - සුදර්ශණී කෙලින්ම කියයි

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවට කිව යුතු දේ බොහොම පැහැදිලිව කියා තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරිම අරයා කරයි මෙයා කරයි කියා විශ්වාසය නොතබා තම තමන් ආරක්ෂා වන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය කෙලින්ම කියනවා.

ජීවිතයේ වටිනාකම තිබෙන්නේ පවුලට

සෑම පුද්ගලයකුගේම ජීවිතය ඒ පුද්ගලයාගේ පවුලට වටින බැවින් වසංගතයට ගොදුරු නොවී ජීවිතය රැක ගන්නා ආකාරයට සෞඛ්‍ය නීති නීතිරීති පිළිපදිමින් කටයුතු කරන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවට අවවාද කරන්නේ.

රට වසා දමා වසංගතයට පිළියම් ලබාදෙනකම් බලා නොසිට අනවශ්‍ය ගමන් නොගොස් , උත්සව වලින් වැළකී කටයුතු කරන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවට දැනුම් දෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතමින්.

මගේ මතය වැඩක් නැහැ

එහිදී මේ වසංගතය සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ දැන් මේ ප්‍රශ්නයේදී තමන්ගේ මතය වැදගත් නොවන බවයි.

වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරියක වන රාජ්‍ය අමාත්‍යවරිය කොවිඩ් වසංගත තත්ත්වය  ගැන මීට පෙර  කළ අනතුර ඇඟවීම් පිළිබඳව රජයේ අවධානය යොමු වූයේ නැහැ.

ආණ්ඩුව නියෝජනය කළත් රාජ්‍ය අමාත්‍යවරිය ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන තැනැත්තියක් ලෙසයි ප්‍රකට.

තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගන්නා ලෙස පලමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එදා කළ ප්‍රකාශය අද බොහෝ දෙනෙක් මතක් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 August 2021 23:20