April 28, 2024

බ්‍රිතාන්‍යයේ කරන දේ කරන්නලු - රිෂාඩ් වෙනුවෙන් සජබ පෙරට එයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සෑම දෙසකින්ම පීඩනයට පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මැසිවිලි නගන ස්වරයෙන් පවසා සිටියා.

ඒ ඊයේ (04) දින පාර්ලිමේන්තුවේ දී.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බදියුදීන් මන්ත්‍රීවරයා පත්ව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයකට බව යි.

මේවන තෙක් ඔහුට කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බව පවසන කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ මේවන විට දින 100කට වඩා කාලයක් බදියුදීන් මන්ත්‍රීවරයා සිරගත කර ඇති බව යි.

මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් විට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ එය කතානායකවරයාට දැන්විය යුතු බවත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ එය සිදුකරන බවත් කිරිඇල්ල මහතා පවසා සිටියා.

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවට තමන් හට දැනුම් දී ඇති බව යි.

බදියුදීන් මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව තැබීමට හේතුව කුමක් දැයි කිරිඇල්ල මහතා පෙරළා ප්‍රශ්ණ කළ අතර කතානායකවරයා එයට පිළිතුරු ලබා දුන්නේ පරීක්ෂණ සඳහා ඔහු බන්ධනාගාරගත කර ඇති බවට යි.

එලෙස පරීක්ෂණ සඳහා බදියුදීන් මන්ත්‍රීවරයාව බන්ධනාගාරගත කිරීමට නොහැකි බව කිරිඇල්ල මහතා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 09:02