May 11, 2024

2021 ඡන්දහිමි නාම ලේඛනය ගැන දැනුම් දීමක්

2021 වසර සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනයට ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමයෙන් (ඔන්ලයින්) පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා මැතිවරණය කොමිෂන් සභාව පවසා සිටිනවා.

ඒ අනුව මෙම නව පහසුකම යටතේ 2021 වසරට වයස අවුරුදු 18 සම්පුර්ණ වී ඇති මෙරට පුරවැසියන් හට ඡන්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම මෙමඟින් ඇතුළත් කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම ඡන්ද නාම ලේඛනයට දැනටමත් ඇතුළත් කර ඇති නමක් නිවැරදි කිරීම සඳහා ද මෙමඟින් සිදු කිරීමටත් හැකියාව සලසා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ මෙම ලින්ක් එකට https://elections.gov.lk/ පිවිසීම මඟින් ඒ පිළිබඳව වැඩි විස්තර ලබාගත හැකියි.

Rate this item
(0 votes)