May 11, 2024

මන්ත්‍රීධූරවල වෙනසක්! යාපනයෙන් එකක් හැලෙයි

2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට දැනට තිබෙන සංඛ්‍යාවට වඩා වැඩිපුර මන්ත්‍රීධූරයක් හිමිව තිබෙනවා.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූරයක් අඩු වී තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිධූර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ද යාපනය දිස්ත්‍රික්කයට හමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව හතේ සිට හය දක්වා අඩුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ.ඒ. දිස්ත්‍රික්කයේ සිටින ඡන්ද හිමියන් සංඛ්‍යාව අඩු වැඩි වීම මත එම දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව වෙනස් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)