May 12, 2024

කොරෝනා නිසා මැතිවරණ කොමිසම වසා දමයි

February 11, 2021

කොරෝනා ආසාදිතයෙක් පිළිබඳව අනාවරණය වීමෙන් මැතිවරණ කොමිසම අද (11) හා හෙට (12) වසා දමා ඇත.

කොමිසමේ ගිණුම් අංශයේ සේවකයෙක් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබෙන අතර, ඔහු කොමිසමේ තවත් අය සමඟත් සබඳතා පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සියලු අංශ තාවකාලිකව වසා දමා විෂබීජහරණය කරනු ලබන බව වාර්තා වේ.

කොමිසමේ කටයුතු ලබන සඳුදා (15) සිට යළි ආරම්භ වේ.

Rate this item
(0 votes)