May 12, 2024

සිසුන් භාර දීම කොට උඩ! ඡන්ද වෙබ් අඩවි අවුලක් නිසා රටේම දෙමාපියන් අසරණ වෙයි!

වෙබ් අඩවියේ අවුලක්

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට යාමට අපහසු වී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමගින් එම වෙබ් අඩවියෙන් සේවා ලබා ගැනීමට එය තුළට පිවිසීමට උත්සහ ගන්නා බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ලබා ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය බෙහෙවින් උපකාරී වන්නක්.

දෙමාපියන් අසරණ වෙයි

2022 වසර සඳහා පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ කාර්යයට ද ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු අත්‍යාවශ්‍ය වනවා.

රජය විසින් දන්වා ඇත්තේ ද අදාළ වෙබ් අඩවිය හරහා එම තොරතුරු ලබාගන්නා ලෙසට යි.

එහෙත් වෙබ් අඩවියට පිවිසීම ඉතා දුෂ්කර බැවින් දෙමාපියන් රැසක් දැඩි අසරණ භාවයකට පත්ව සිටින බව වාර්තා වෙනවා.

දෙමාපියන් මැසිවිළි නගන්නේ අදාළ තොරතුරු වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලෙසට ග‍්‍රාමසේවා නිලධාරින් සෘජුවම දැනුම් දෙන බවයි.

දෝෂයට හේතුව

මේ අතර ඒෂියන් මිරර් අප හට නිරීක්ෂණය වූයේ මැතිවරණ කොමිෂන් සභාවේ “elections.gov.lk” දරණ වෙබ් අඩවියේ “ආරක්ෂක සහතිකකරණය” දින 07කට පෙර කල් ඉකුත් වී ඇති බවයි.

යම් වෙබ් අඩවියක් පරිශීලනය කිරීමට පැමිණෙන පුද්ගලයින්ගේ සයිබර් ආරක්ෂාව උදෙසා මෙම සහතිකකරණය ක්‍රියාත්මකවනවා.

වෙබ් අඩවියක් පවත්වාගෙන යන පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් මෙම සහතිකකරණය මුදල් ගෙවා ලබාගත යුතු සේවාවක්වන අතර එය කල් ඉකුත්වීමට පෙර යළි යාවත්කාලීන කළ යුතුයි.

සාමාන්‍යයෙන් මෙවැන්නක් කල් ඉකුත් වීමට පෙර වෙබ් අඩවිය පවත්වාගෙන යන පාර්ශවය වෙත දැනුම් දීමක් ලැබෙන අතර, ඒ හරහා වෙබ් අඩවියේ අංග බිඳවැටීමට පෙර එය යාවත්කාලීන කරගැනීමේ හැකියාව ලැබෙනවා.

එවැනි තත්ත්වයක් මත මෙරට පුරවැසියන් හට අතිශයින් වැදගත් මෙවැනි රාජ්‍ය වෙබ් අඩවියක මේ ආකාරයෙන් “ආරක්ෂක සහතිකකරණය කල් ඉකුත් වීම” වැනි සරළ තාක්ෂණික සංසිද්ධියක්, එය සිදු වී සතියකට පසුවත් වගකිවයුත්තන්ට නිරීක්ෂණය නොවීම සැබැවින්ම හාස්‍යයට කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 June 2021 11:07