May 11, 2024

අලුත් මැ.කො වැඩ අල්ලමින් තීන්දුවක් ගනී

December 18, 2020

පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටලු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නොපමාව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඊයේ (17) හමුවූ අවස්ථාවේදී ය. 

2019 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 7000ක් වෙන්කර තිබුණ ද එම වියදම රුපියල් මිලියන 4566ක් දක්වා අඩුකර ගැනීමට සමත් වී ඇති බවද එම කොමිසම රැස් වූ විට දැනුම්දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 December 2020 01:48