May 14, 2024

"අධ්‍යාපනය අපේ ප්‍රශ්නයක් නෙමේ" - කැබිනට් රැස්වීමට ගිය ඇමැති ලොකුගේ අපූරු කතාවක් කියයි Featured

අධ්‍යාපන ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් නොවන බවත් ඒක පහුගිය ආණ්ඩු කාලයේ තිබුණ ප්‍රශ්නයක් බවත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවද ඊයේ (02) රාත්‍රී පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කළා.

මේ අවස්ථාවේ රටේ මූල්‍ය ශක්තියක් නොමැති බවත් අයවැය ලේඛනයෙන් තමයි ඒ ගැන කල්පනා කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධ්‍යාපන ප්‍රශ්නය විසඳුවාද යන්න මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "අධ්‍යාපන ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් නෙමේ. ඒක පහුගිය ආණ්ඩු කාලයේ තිබුණ ප්‍රශ්නයක්. අපෙන් ඉල්ලනවා. මේ වෙලාවේ අපි ගාව සල්ලි දෙන්න නෑ. ඒ නිසා අපි දැන්ම කටයුතු කරන්නේ නෑ. අයවැය ලේඛනයෙන් තමයි අපි ඒ ගැන කල්පනා කරන්නේ."

ඒ සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ආ බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

"යෝජනාවෙන් වුණේ පහුගිය ආණ්ඩු කාලයේ ඉඳන් ආපු ප්‍රශ්නයක් මේක. අද අපිට මෙ රටේ තියන කොවිඩ් තත්ත්වයත් එක්ක ඒක ගෙවන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ඒගොල්ලන්ට අපි කියනවා අනාගතේ අපි ගෙවනවා ඒක."

ජනාධිපතිතුමා මේක ප්‍රතික්ෂේප කරාද ? යන්න මාධ්‍ය වේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කර සිටියා.

"ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළේ නෑ. නමුත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව මේ වගේ විශාල මුදලක් ගෙවන්න බෑ. බිලියන 56ක් ඕනේ ඒ කියන ඉල්ලීම දෙන්න නම්. බිලියන 56ක් වැයකරන්න පුළුවන් කමක් නෑ මේ වෙලාවේ. රටේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. මුළු ලෝකෙම කොවිඩ් නිසා ආර්ථිකය බරපතළ  තත්ත්වයකට මුහුණ දිලා තියෙන්නේ. කොවිඩ් නිසා ගුරුවරු අවුරුද්දක් විතර ගෙදර හිටියා අපි පඩි අඩු කළේ නෑනේ. හැම එකම ගෙව්වා. අනාගතෙත් ගෙවනවා. මේ වෙලාවේ දෙන්න විදියක් නෑ. ඒක ඉතින් ඉස්සරාහට බලන්න ඕනේ අයවැය ලේඛනය එනකොට අර්ථික තත්ත්වය හොඳ වුණොත් ඒ ගැන කල්පනා කරලා බලන්න. එගොල්ලන් වර්ජනය කරන එක අපිට ඒපා කියන්න බෑනේ. ඒක නිදහසක්නේ ඒ ගොල්ලන්ගේ. කරපුවාවේ."

Rate this item
(1 Vote)