May 18, 2024

සරත්ගේ හිත වෙන ඇමතිකමකට - කියාගන්න බැරුවලු ඉන්නේ Featured

සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් බරපතළ කලකිරීමක සිටින බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා.

තමාට වෙනත් අමාත්‍යධූරයක වගකීම ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටීමට වීරසේකර මහතා කිහිප විටක් උත්සහා කළද ඒ සඳහා අවස්ථාවක් ලැබී නැති බවයි එම ආරංචි මාර්ග ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ආයතන එකින් එක ගැලවීම

සරත් වීරසේකර මහතාට මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය භාර දෙද්දී ඊට ආයතන පහක් ඇතුළත් වූ අතර මේ වන විට ඉන් තුනක්ම ඔහුගෙන් ඉවත් කර තිබෙන්නේ.

වීරසේකර මහතා යටතේ තිබූ ප්‍රජා පොලිස් සේවය දිලුම් අමුණුගම මහතාට මීට මාස කීපයකට පෙර ජනපතිවරයා විසින් පවරනු ලැබූ අතර තවත් ආයතන දෙකක් ජනපතිවරයා විසින් මීට ටික දිනකට පෙර සිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තා.

ඉතිරිව තිබෙන්නේ දෙකයි

දැනට සරත් වීරසේකර මහතාට ඉතිරිව තිබෙන්නේ පොලීසිය හා පොලිස් අභ්‍යාස ආයතනය පමණයි.

විශේෂයෙන්ම තමාගේ මූලිකත්වයෙන් ගොඩ නැඟූ ග්‍රාම ආරක්ෂක දෙපාර්තමේන්තුවද ජනපතිවරයා විසින් පවරා ගැනීම සම්බන්ධයෙන් වීරසේකර මහතා තුළ තිබෙන්නේ කළකිරීමක් බවයි වාර්තා වන්නේ.

පොලිසියේ කටයුතු වෙන විදිහකට

ලැබෙන ආරංචි වලට අනුව පොලිසියේ කටයුතුද වීරසේකර මහතාගේ මැදිහත් වීමකින් තොරව වෙනත් පාර්ශ්ව හරහා සිදු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වීරසේකර මහතාට මහජන ආරක්ෂක ඇමති හැටියට කළ යුතු වැඩ කොටසක් නොමැති ගානටම වැටී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ තත්ත්වය තුළ වෙනත් අමාත්‍යධූරයක වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් වීරසේකර මහතා තුළ කැමැත්තක් තිබෙනවා.

සරත් වීරසේකර මහතාට මහජන ආරක්ෂක කැබිනට් ඇමතිධූරය ලැබුණේ මීට මාස කිහිපයකට පමණ පෙර වන අතර ඒ වන තුරු ඔහු දරන ලද්දේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 August 2021 23:53

Related items