May 13, 2024

සංචරණ සීමා ඉවත් කරාට රට අවදානමේ! ඇමතිගෙන් ප්‍රකාශයක් Featured

ඊයේ (01) දිනයේ සිට සංචරණ සීමා ලිහිල් කර තිබෙන්නේ රාජ්‍ය සේවයේ කටයුතු අඛණ්ඩව සහ ක්‍රමානුකූලව කරගෙන යෑම සඳහා බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටිනවා.

මෙම සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ මෙරට කොවිඩ් වසංගතය පාලනය වී ඇති බවටත්, ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රශ්නයක් නැති බවට වන වැරැදි වැටහීම් ඇති නොකර ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

තවමත් රට ලොකු අවදානමක් ඇති බවට අමාත්‍යවරයා විසින් අනාවරණය කර සිටියා.

කෙසේ වෙතත් රට විවෘත කර සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ පහසුව සඳහා මෙන්ම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කර ජනතාවට සේවය ලබාදීමට බවද අමාත්‍යවරයා විසින් පවසා සිටියා.

මෙලෙස සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනිසි ප්‍රයෝජන ලබාගන්නට උත්සාහ නොකරන ලෙසත්, එය වැරැදි ලෙස භාවිත කළහොත් තවත් සති දෙක තුනක් තුළ රට විශාල ප්‍රශ්නයකට මුහුණ දිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

සියලු දෙනාගෙන් බුද්ධිමත් ව කටටුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් එහිදී ඉල්ලීමක් ද කර තිබුණා.

Rate this item
(0 votes)