May 18, 2024

ජනපති සරත් වීරසේකරගේ හතරෙන් දෙකක් ගලවයි Featured

ජනපතිවරයා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

සරත් වීරසේකර අමාත්‍යවරයා යටතේ තිබෙන මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ආයතන දෙකක් තමන් යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා.

තියෙන්නෙත් හතරයි

ජනපතිවරයා එසේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුවයි.

සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන 4 ක් ඇතුළත්ව තිබූ අතර ඉන් 2ක් ඉවත් වීමත් සමග ඔහුට ඉතිරිව තිබෙන්නේ ආයතන දෙකක් පමණයි.

ඒ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණයි.

සරත් වීරසේකර මහතාව මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධූරයට පත් කරන ලද්දේ මීට මාස කිහිපයකට පමණ කලින්.

අමාත්‍යාංශය ගැන බරපතළ විවේචන

ඒත් දිගින් දිගටම සරත් වීරසේකර මහතා යටතේ පවතින ආයතන සම්බන්ධයෙන් මෙන්ම ඔහු සම්බන්ධයෙන්ද විවේචන එල්ල වෙමින් තිබෙනවා.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළද සරත් වීරසේකර මහතාගේ ක්‍රියා කලාපය විපක්ෂයේ බරපතළ විවේචනයන්ට නිරන්තරයෙන්ම ලක්වන්නක්.

ඉදිරියේදී සිදුවීමට නියමිතයැයි ප්‍රකාශවන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සරත් වීරසේකර මහතා යටතේ ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙනසක් සිදුවනු ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 July 2021 08:11

Related items