May 13, 2024

ගුරු උද්ඝෝෂණ ඉක්මන් වැඩියි: එන්නත ඇඟට ධාරණය වෙලා නැහැ - ඖෂධ රාජ්‍ය ඇමති

ගුරුවරුන්ට උද්ඝෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ආකාරයට කොවිඩ් මර්දන එන්නත ඇඟට ධාරණය වී නැති බවට ඖෂධ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ගුරුවරුන්ට අනතුරු අඟවනවා.

තවමත් ගුරුවරුන්ට ලබා දී තිබෙන්නේ පළමු එන්නත පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ.

එන්නත ධාරණය වන්න යන කාලය

පළමු එන්නත ඇඟට ධාරණය වීමට සති 6ක පමණ කාලයක් ගතවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් ගුරුවරුන්ට පළමු එන්නත ලබාදී තාමත් සති දෙකක්වත් ඉක්මවා ගොස් නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ගුරු රැල්ල ගැන අනාවැකිය

ඒ අනුව ඉදිරියේදී කොවිඩ් වසංගත ගුරු රැල්ලක් දැකබලා ගැනීමට හැකි බවට අනාවැකියක්ද රාජ්‍ය අමාත්‍යවරයා පල කරනවා.

එම රැල්ල නිර්මාණය කිරීම ගැන මහින්ද ජයසිංහ හා ජෝසෆ් ස්ටාලින් යන අය වගකිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට ගුරුවරුන් සිය වැටුප් ප්‍රශ්නයක් මුල් කොටගෙන අඛණ්ඩ උද්ඝෝෂණ හා විරෝධතා රැල්ලක නිරතව සිටින්නේ දරුවන්ට ලබාදෙන ඔන්ලයින් අධ්‍යාපනයද වර්ජනය කරමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 07:22