May 18, 2024

ජනප්‍රිය නිළියට ඇමතිව පටලයි - ලිංගික හිංසනයක් ගැන CID යට පැමිණිල්ලක්!

ජනප්‍රිය නිළියක වන අනූෂා දමයන්ති මහත්මිය අද (23) දිනයේ කොළඹ පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත පැමිණ තිබුණා.

ඇය මෙලෙස පැමිණ තිබුණේ ඇයට විරුද්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරගෙන යනු ලබන මඩ ප්‍රචාරයක් සම්බන්ධව පැමිණිල්ලක් කිරීම සඳහායි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මාධ්‍ය වෙත පවසා සිටියේ තමන්ට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරසේකර මහතාවද සම්බන්ධ කර මඩ ප්‍රචාරයක් සිදුවෙමින් තිබෙන බවයි.

මෙම මඩ ප්‍රචාරයන් දරාගත නොහැකි නිසා තමන් විසින් මෙම පැමිණිල්ල යොමුකළ බවද ඇය පවසා සඳහන් කළා.

“කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ” යනුවෙන්ද ඇය එහිදී කියා සිටි අතර මෙවැනි දෙයක් සිදුවනු ඇති බවට ඇය සිහිනයකින්වත් නොසිතු බව පවසා සිටියා.

මෙහිදී අනූෂා දමයන්ති මහත්මිය විසින් වැඩිදුරටත් පවසා සිටියේ මෙම මඩ ප්‍රහාරයන් එල්ල කරන පිරිස විසින් ඇයගේ නිවස වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීමක් සිදුකළ අවස්ථාවේ ඇය විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට කතා කළ බවට අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන බවයි.

ඇය පළ කළ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 17:26

Related items