May 09, 2024

ඇමති මහින්දානන්ද අනාථයි: උදේ එනවා කියපු මන්ත්‍රී හවස පොල්ල තියයි

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියපු අනාවැකිය බොරු වී තිබෙන්නේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ආණ්ඩුව සමඟ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බව අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ඔහුගේ නමත් සමගින්.

මන්ත්‍රීගේ නමත් කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් එසේ ආණ්ඩුව සමඟ ඡන්දය දෙන මන්ත්‍රීවරයා ලෙසයි අමාත්‍යවරයා හඳුන්වා දුන්නේ.

අවශ්‍ය නම් ඔහුව එක දුරකථන පණිවිඩයකින් මේ මොහොතේ වුව ආණ්ඩුවට ගත හැකි බවට අමාත්‍යවරයා ප්‍රකාශයක්ද කළා.

ඇමතිගේ බලාපොරොත්තුව සුන්

එහෙත් සවස විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසන අවස්ථාවේ අලුත්ගමගේ අමාත්‍යවරයා කළ ප්‍රකාශය බොරුවක් බවට පත්වූයේ නෙල්සන් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය සමග විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමත් සමගයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 20:42