May 19, 2024

ලංකාව භයානක කඩයිමක - SLMA වෙතින් හෙළිදරව්වක්

ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වයේ දී ශ්‍රී ලංකාව මේවන සිටින ස්ථානය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අනතුරු ඇඟවීමක් සිදුකරනවා.

කොවිඩ් 19 සිව්වැනි රැල්ලෙහි මුල් අවස්ථාවට ශ්‍රී ලංකාව මේවන විට ලඟා වෙමින් පවතින බව යි එම සංගමය අනාවරණය කරන්නේ.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අනතුරු අඟවමින් කියා සිටින්නේ එයට සූදානම් වී පියවර ගැනීම ජනතාව විසින් කළ යුතු බව යි.

එය අප අපටම කරගන්නා සේවාවක් බව යි ඇය පෙන්වා දෙන්නේ.

වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ මේවන විට මෙරට එන්නත්කරණය සිදුව ඇත්තේ 8%ක ප්‍රතිශතයක් පමණක් බව යි.

එමෙන්ම එන්නත මත විශ්වාසය තබා එන්නත්කරණය මගින් සාමාන්‍ය දිවිපෙවෙතකට යා හැකි යැයි පැවසීම මිත්‍යාවක් බව ද ඇය අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 17:02