May 04, 2024

රනිල්ගෙන් ඓතිහාසික තීන්දුවක්! ආණ්ඩුවයි, විපක්ෂයයි ගිනස් වාර්තාවක් තැබූ හැටිත් කියයි

තමා විශ්වාසභංගයට පක්ෂව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඡන්දය දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කළේ මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්වෙමින්.

ආණ්ඩුව ගිනස් වාර්තා පොතට

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අදහස් මත බොහෝ දෙනෙකු මත පළ කළේ වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවයි.

ජනතාවගේ විශ්වාසය , රටේ විශ්වාසය කඩ කර ඇති මේ ආණ්ඩුව මාස 10 ක් තුළ විශාල අවුලක් කර ඇති බව පෙන්වාදෙන වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගිනස් වාර්තාවට ඇතුළත් යුතු බවයි අවධාරණය කරන්නේ.

විපක්ෂයත් ඒ පොතටම යන්න ඕන

එහෙම අවුලක් කරලා රට නැති කරපු ආණ්ඩුවකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි නම් විපක්ෂයත් ගිනස් වාර්තා පොතට ඇතුලත් විය යුතු බවයි එ.ජා.ප නායකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

මෙම විශ්වාසභංගය බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කලත් තමාගේ මතය වන්නේ එය ආණ්ඩුවට එරෙහිව ගෙන ආ යුතු එකක් බවයි වික්‍රමසිංහ මහතා යළිත් වතාවක් අවධාරණය කළා.

වික්‍රමසිංහ මහතා මෙම විශ්වාසභංගය සමගි ජන බලවේගය ගෙන ආ දා පටන්ම සඳහන් කළේ එය තනි පුද්ගලයෙකුට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව ගෙන ආ යුතු බවයි.

මාස දහයෙන් රටට කළ විනාසය

ඊට හේතු දක්වමින් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගෙවුණු මාස 10 තුළ පොදු ජනතාවගේ ජන ජීවිතය හා බැඳී සෑම ක්ෂේත්‍රයක් තුළින්ම රට අර්බුදයක් කරා ගෙන ගිය අයුරු විග්‍රහ කළා.

තමාගේ මතය වන්නේ මෙම විශ්වාසභංගය ජනපතිවරයාට හැර සමස්ත ඇමති මණ්ඩලයට එරෙහිව ගෙන ආ යුතු බවත් ජනපතිවරයාට එරෙහිව වෙනම දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවයි වික්‍රමසිංහ මහතා සිය කතාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

රටේ ඩොලර් හිඟකම මත මුහුණ දී සිටින අර්බුද ගැන විශේෂයෙන්ම එ.ජා.ප නායකයා කරුණු පෙන්නා දුන්නා.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 20 July 2021 14:52

Related items