May 09, 2024

"මොකද ෆොන්සේකා කියන්නේ" - ඇමති ෆීල්ඩ් මාෂල්ගෙන් අහයි

"මොකද ෆොන්සේකා කියන්නේ"යයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළා.

මගෙන් අහගන්න එපා

" මගෙන් අහගන්න එපා තමනුයි පුතයි එකතු වෙලා කරපු හොරකම් ගැන" යැයිද අමාත්‍යවරයා ෆොන්සේකා මහතා අමතා සඳහන් කළේ ෆොන්සේකා මහතා අමාත්‍යවරයාව "කාලකන්නියා" ලෙස හැදින්වීම මුල් කොටගෙන.

ඒ හැරුණුකොට අමාත්‍යවරයා ෆොන්සේකා මහතාව "ආප්පකාරයා" ලෙසද අමාත්‍යවරයා හැඳින්වූවා.

කථානායකවරයාගේ උපදෙස

අලූත්ගමගේ අමාත්‍යවරයා සමගි ජන බලවේගයේ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිටියදී ඊට ෆොන්සේකා මහතා ද මැදිහත් වීම නිසයි මෙම තත්ත්වය ඇතිවුණේ.

එහිදී කතානායකවරයා අමාත්‍යවරයාට උපදෙස් දෙමින් සඳහන් කළේ අනවශ්‍ය ප්‍රශ්න වල නොපැටලෙන ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 14:32