May 17, 2024

තවදුරටත් මේ ව්‍යාපාරයේ යෙදීම වැඩක් නැහැ - ලාෆ් ගෑස් සභාපති

තවදුරටත් ගෑස් ව්‍යාපාරයේ නියැලිය නොහැකි බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සදහන් කරනවා.

ඊට හේතුව ගෑස් ව්‍යාපාරය දිගින් දිගටම පාඩු ලැබීම බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ නිසා ඉදිරියටත් ගෑස් ව්‍යාපාරය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් බවටයි සභාපතිවරයා අනතුරු අඟවන්නේ.

ලාෆ් ගෑස් සභාපතිවරයා මෙම අදහස් පළ කළේ වෙළදපොලේ ගෑස් අර්බූදයක් ඇතිවිය හැකිද යන්න පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

පාඩු ලබන ව්‍යාපාර

ඕනෑම ව්‍යාපාරයක් දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන යෑමට නොහැකි බව පෙන්වා දෙන සභාපතිවරයා පාඩු ලබමින් තවදුරටත් ගෑස් ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකි බවයි සදහන් කරන්නේ.

කිහිපවිටක් කළ සිය ඉල්ලීම් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද පෙන්වා දෙන සභාපතිවරයා දැන් සියලු වැරදි ගෑස් ව්‍යාපාරයේ නියැලෙන්නන් පිට පැටවෙන බවයි සදහන් කරන්නේ.

වැඩි කරන ලෙස ඉල්ලූ මුදල

ලාෆ් ගෑස් සමාගම ශ්‍රී ලාංකීය ගෑස් වෙළඳ පොලේ 25% ක පමණ ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ගෑස් මිලට සරිලන අයුරින් දේශීය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 ක ප්‍රමාණයකින් වැඩි කරන ලෙස ලාෆ් සහ ලිට්රෝ සමාගම් රජයෙන් ඉල්ලීම් කළද ඊට තාමත් ප්‍රතිචාර දක්වා නැහැ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 06:47