බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගෙ හෙට (19) හා අනිද්දා (20) විවාදයට ගැනීමට නියමිතයි.
ඒ පිළිබඳ වූ ඡන්ද විමසීම 20දා සවස සිදුවීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගන්නා ස්ථාවරය පිළිබඳ සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතයි.
විශ්වාසභංග තීන්දුව කලින්ම එළියට
එහෙත් විශ්වාසභංගයෙදී ගම්මන්පිල අමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අනුගමනය කරන ස්ථාවරය මේ වන විටත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් හෙළිදරව් කර තිබෙනවා.
ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි.
ඔහු එම හෙළිදරව් කර තිබෙන්නේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මත දෙකක් නැහැ එක මතයයි
ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ මත දෙකක් තිබෙනවා නොවේදැයි රණතුංග අමාත්‍යවරයා රාජපක්ෂ අමාත්‍යවරයාද සහභාගි වූ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී විමසා තිබෙනවා.
ඊට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුව තුළ මත දෙකක් නොමැති බවත් තිබෙන්නේ එක මතයක් බවයි.
ස්ථාවරය ඉතා පැහැදිලියි
ඒ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ මතය පමණක් බවයි රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ.
ඩී.බී.චානක රාජ්‍ය අමාත්‍යවරයාද ඒ අවස්ථාවේ එතැන සිටි බවයි වාර්තා වන්නේ.