එස්බීගේ ඇමතිකම
අධ්‍යාපන අමාත්‍යංශය එස්.බී. දිසානායක මහතාට ලබා දීමේ සූදානමක් පවතින බවට මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතු වී තිබෙනවා.
ඊයේ (16) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර මාධ්‍යවේදීන් මේ පිළිබඳව දිසානායක මහතාගෙන් විමසා සිටියා.
එයට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ “අනේ, ඒක මට දුන්නත් එකයි; නැතත් එකයි” යනුවෙන්.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ලබා දෙන බවට තමන් හට කිසිවෙකු පවසා නොමැති බවත්, තමා ඒ පිළිබඳව නොදන්නා බවත් ඔහු පවසනවා.
කෙසේ වෙතත් තමන්ට එම අමාත්‍යංශය ලැබුණොත් එය භාරගැනීමට සූදානම් බව ද එස්.බී. දිසානායක මහතා අවධාරණය කළා.
මමත් කලකිරිලා
මේ අතර තමා ආණ්ඩු පක්ෂයේ පසු පෙළට වී සිටින්නේ කලකිරීමෙන් බව ද එස්.බී. දිසානායක මහතා අනාවරණය කර සිටියා.
ජ්‍යෙෂ්ඨත්වය අනුව තමා දෙවැනි වන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට පමණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ “ඔය හැමෝටම වඩා මම ජ්‍යෙෂ්ඨයි” යනුවෙන්.
ආණ්ඩුව කළ වැඩේ වැරදියි
එමෙන්ම තමා මෙතෙක් දරා ඇති සියළු අමාත්‍යංශවල වාර්තා තබා ඇති බව ඔහු සිහිපත් කළා.
එවන් පසුබිමක තමන්ට කළ වැඩේ වැරදි බව යි ඔහු පෙන්වා දෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දරන ආණ්ඩුව සුදුස්සාට සුදුසු තැන නොදෙන්නේ ද යනුවෙන් එවිට මාධ්‍යවේදීන් විමසා සිටියා.
එස්.බී. දිසානායක මහතා එයට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
“මට අනිත් අය ගැන කියන්න බෑනේ. මට දුන්නැති එක වැරදියි කියලයි මං කියන්නේ. මම හිතනවා මට දුන්නැති එක වැරදියි කියලා”