May 10, 2024

ළමුන්ටත් කොවිඩ් එන්නත දීමට යයි

පාසල් සිසු සිසුවියන් හට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මේවන විටත් ඒ පිළිබඳ සාකච්ඡා ඇරඹී ඇති බව යි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ෆයිසර් සහ සිනොවැක් එන්නත් වර්ග දෙක පාසල් යන වයස්වල දරුවන් හට ඇතැම් රටවල් තුළ දී ලබා දෙන බවයි.

ඒ අනුව මෙරට දරුවන්ට ද කොවිඩ් මර්ධන එන්නත ලබා දෙන්නේ ද නැද්ද යන කාරණාව පිළිබඳව තීරණය කිරීමට නියමිත බව යි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් හට එන්නත් ලබා දීමේ හැකියාව පිළිබඳ කරුණු සොයා බලන ලෙසට ජනාධිපතිවරයා ද උපදෙස් ලබා දී ඇති බව ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 July 2021 20:35