May 18, 2024

විරෝධතා හා උද්ඝෝෂණ කරන්නන් දිගටම අත්අඩංගුවට ගන්නවා - ඇමතිගෙන් විපක්ෂයට සහතිකයක්

පනවා ඇති උද්ඝෝෂණ හා විරෝධතා තහනම් කළ නියෝගය නොතකා එම කටයුතුවල නියැලෙන්නන් නිරෝධායන නීති රීති යටතේ ඉදිරියටත් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් කිසිදු බුරුලක් නොදක්වන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු එම අවධාරණය කළේ ඊයේ (08) උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගෙන ඇප ලබා දීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා මුලතිව් ප්‍රදේශයට ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමස්ත විපක්ෂයේම නායකයින් නැගූ ප්‍රශ්න වලට හා දැක්වූ විරෝධතාවයට පිළිතුරු දෙමින්.

සමස්ත විපක්ෂයේම විරෝධය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර දිසානායක යන මහත්තුරුන් ඊයේ (8) සිදු වූ මෙම සිද්ධිය මානව හිමිකම්වලට මෙන්ම නිරෝධායන නීති රීති වලටද පටහැනි බව සභාව හමුවේ ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ තමන් කරන්නේ අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම පමණක් බවත්  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත නිරෝධායනය සඳහා යොමු කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත්ය.

මහජන ආරක්ෂක ඇමති බොරු කීම

එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ප්‍රකාශ කළ විපක්ෂනායකවරයා අත්අඩංගුවට ගත් පිරිස ඇපමත නිදහස් කිරීමෙන් පසු එම ස්ථානයේ කිසිම මහජන පරීක්ෂකවරයකු නොසිටි බවත් පොලිසිය සිය හිතුමනාපෙට ඇප ලැබූ පිරිස නිරෝධායන සඳහා මූලික වූ වෙත අරන් ගිය බවත් සභාවට දැනුම් දුන්නා.

මේ අවස්ථාවේ විවාදයට මැතිව් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ හැමදාමත් විපක්ෂය උදේට පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ න්‍යාය පත්‍රයෙන් පිටට ගොස් වෙන කාරණා මතු කරන බැවින් පක්ෂ නායක රැස්වීම නතරකොට මන්ත්‍රීවරුන්ට හිතෙන හිතෙන විදිහට කතා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

එසේත් නැතිනම් අදාළ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 July 2021 11:29

Related items