May 10, 2024

ඉගෙනුම සඳහා රට යන්න ඉන්න අයට පණිවිඩයක්

උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවන සිසුන් වෙත කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ලබා දෙන්නේ සයිනොෆාම් එන්නත යි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි පැවසෙන්නේ.

අදාළ වෙබ් අඩවියෙහි www.army.lk/covid19 පිටුව ඔස්සේ මෙම තොරතුරු ලබාගත හැකි බව වැඩිදුරටත් සදහන්.

මේ සඳහා ලියාපදිංචිය සිදු කරගැනීමෙන් අනතුරුව දින දෙකක් වැනි කාලයක් තුළ කෙටි පණිවිඩයක් මගින් එන්නත් ලබාගත යුතු දිනය, වේලාව සහ ස්ථාන පිළිබඳ තොරතුරු එම අයදුම්කරුවන්ට ලබා දීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 July 2021 09:51