May 17, 2024

ගෑස් මිල ගැනත් තීන්දුව එයි - අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කරයි

ගෑස් මිල සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල අමාත්‍ය අනු කමිටුව තීරණයක් ගෙන තිබෙනවා. 

ඒ වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ ගෑස් මිල වැඩි නොකිරීමටයි.

ගෑස් මිල සංශෝධනයට කිරීමට පසුගිය දා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එහිදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරුණා.

විකල්ප යෝජනාවලියක් 

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ සහ කෙහෙලිය රඹුක්වැල්ලගෙන් සැදුම්ලත් මෙම කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදී රැස්වී ගෑස් මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම් කර තිබූ ඉල්ලීම් සලකා බලනු ලැබුවා.

අද (21) පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෑස්  මිල ඉහළ නොදැමීමටයි.

ගෑස් සමාගම් රුපියල් 500කට වඩා වැඩි මිලකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, මිල වැඩි නොකර ඒ සම්බන්ධයෙන් විකල්ප යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මෙම අමාත්‍ය අනු කමිටුව තීරණය කර ඇත්තේ.

Rate this item
(0 votes)