May 17, 2024

ගාලු පාර ගැන පොලීසියෙන් නිවේදනයක්

ගාලු පාර භාවිත කරන්නන් හට පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


ගාලු පාරේ දෙහිවල සිට කොළඹ දක්වා ගමන්ගන්නා සියලුම වාහන අද (14) සිට වැල්ලවත්තෙන් මුහුදුබඩ මාර්ගයට හරවන ලෙසට යි එමගින් පොලීසිය ඉල්ලා සිටින්නේ.

කොළඹ මහ නගර සභාව විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ මලඅපවහන නල මාර්ගයක් අළුත්වැඩියා කිරීම මෙයට හේතුවයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

කෙසේ නමුත්, කොළඹ සිට දෙහිවල දක්වා ගමන් කරන වාහන සඳහා මෙම තීරණය අදාළ නොවන බව ද පොලීසිය සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 11:33