May 17, 2024

ගෑස් ගැන රජයෙන් තීන්දුවක්!

සියලුම ගෘහස්ථ ගෑස් අළෙවිසල්වල කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්  දැනුම් දී තිබෙනවා.

කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර කිසියම් වෙළෙන්දකු තම සන්තකයේ හෝ භාරයේ හෝ යටතේ තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර් මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රව පාරිභෝගිකයන්ට බලපෑම් නොකළ යුතු යැයි ද එම ගැසට් පත්‍රයේ සඳහන්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ගෑස් අලෙවි නියෝජිතයින් විසින් කිලෝ ග්‍රෑම් 12.5 හේ එල් පී ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රා ආකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් නොකළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්. අදාල විදි විධාන ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 

නව හදුන්වා දීමක් ලෙස ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් වෙළදපොලට නිකුත් කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් 12.5 පැරණි ගෑස් සිලින්ඩර් වෙළදපොලේ හිග වීම සැලිකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ.

Rate this item
(0 votes)